මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ප්‍රමාණයම අද (16) සිට සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඊයේ (15) දින පෙරවරුවේ කොළඹ වරායට ළඟා වී ඇති යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් සහිත නෞකාවෙන් පොහොර ගොඩබෑම නිරීක්ෂණය කිරීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.



