රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 264 යි.
රුසියානු හමුදාව යුක්‍රේනයයේ ඇතැම් නගර අතහැර දමා යමින් සිටිනවා.
එසේ වුවද රුසියාව, නේටෝ සාමාජික රටක්වන පෝලන්තයේ ගම්මානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නේටෝ සාමාජික රටක ආරක්ෂාවට යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය එහි සියලුම සාමාජික රටවලට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකනු ලබනවා.
ඒ වෙනුවෙන් සියලුම නේටෝ සාමාජික රටවල් පෙනී සිටීම සාමාන්‍ය සම්ප්‍රදායයි.
රුසියාවෙන් පෝලන්තයට එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරය පදනම් කරගෙන සියලුම නේටෝ රටවල නායකයින්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ අතර රුසියාව සමඟ දීර්ඝකාලීන මිත්‍රත්වයක් ඇති රටවල් 02 ක් රුසියාවෙන් ඉවත්වී ක්‍රියාකිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.