පොලිස් නිලධාරීන්ට පහර දීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරයි මෙම පහරදීම සිදුව ඇත්තේ.
එහිදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ. සැකකරුවන් වයස අවුරුදු විසි හයත් පනස් එකත් අතර පසුවන්නන්.
සැකකරුවන් පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වන අවස්ථාවේදී පහරදීම සිදුව ඇත්තේ. අදාළ සැකකරුවන්ගේ ඥාති හය දෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
සැකකාරියන් හය දෙනාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු විසිතුනත් පනස් හතරත් අතර පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ.



