ආටේමිස් 01 අධි බලැති රොකට්ටුව ඊයේ දින සඳ බලා පිටත් වුණා.
කාර්යමණ්ඩලයක් නැතිවයි ආටේමිස් සඳ බලා පිටත් වුණේ.
මෙම සඳ ගමන සඳහා පැය 09 කට වැඩි කාලයක් ගත වූ බවයි නාසා ආයතනය පවසන්නේ.
මේ වන විට ආටේමිස් රොකට්ටුව පෘතුවියේ පළමු ඡායාරූපය ලබාගෙන තිබෙනවා.
ආටේමිස් රොකට්ටුවේ අරමුණ වන්නේ ගගනගාමින් පිරිසක් සඳ මතට රැගෙන යාමයි.
ඒ අනුව දෙසැම්බර් 11 වනදා ආටේමිස් පෘතුවියට ලඟා වනු ඇති.