යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 266 යි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 266 යි.

පෝලන්තයට එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට යුක්‍රේන විශේෂඥයින් කණ්ඩායමක් දැනටමත් පෝලන්තයට ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊයේ කළ ඉල්ලීමකට අනුවයි.

නමුත් ඒ සඳහා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට විමර්ශනය කරන පෝලන්තය සහ එක්සත් ජනපද විශේෂඥයින්ගේ අනුමැතිය හිමිවිය යුතුයි.

මේ සම්බන්ධයෙන් යුක්‍රේන විදේශ අමාත්‍ය Dymtro kuleba පෝලන්ත විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට තිබෙනවා.

එහිදී ඔවුන් මෙම කරණය සම්බන්ධයෙන් ” ව්‍යුහාත්මකව සහ විවෘතව සහයෝගයෙන් කටයුතු කිරීමට” එකඟ වූ බව වාර්තා වන්නේ.

එසේම පෝලන්ත ජනාධිපති මිසයිල ප්‍රහාරය එල්ල වූ ස්ථානයට ගොස් තිබෙනවා.

මේ අතර යුක්‍රේන න්‍යෂ්ටික මධ්‍යස්ථානවල සිදු කරන සියලු යුධ ක්‍රියාවන් වහාම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ කණ්ඩායම රුසියාවෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව එම ඉල්ලීමට යෝජනාවක් ලෙස සලකා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඡන්දයක්ද පවත්වා තිබෙනවා.

එහිදී රටවල් 24ක් යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති අතර රටවල් 7ක් ඡන්දය දීමෙන් වැලකී සිටියා.

තවත් රටවල් දෙකක් ඡන්දයට පැමිණියේ නැති බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී යුක්‍රේන විදේශ අමාත්‍යවරයා ඇන්ටනී බ්ලින්කන්ට සිය ස්තුතිය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ යුක්‍රේනයට මෙතෙක් සැපයූ යුධ ආධාර සඳහායි.

එසේම යුක්‍රේනය සඳහා තවත් ගුවන් ආරක්ෂණ පද්ධති ලබා දීම වේගවත් කල යුතු බවට අවධාරණය කල බවයි යුක්‍රේන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

Read more

Local News