විදේශිකයින් හත්දෙනෙකුට සහ පාසල් සිසුවෙකුට බඹර ප්‍රහාරයක්

ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථානය අතර පිහිටි ආරුක්කු නවයේ පාලම නැරඹිමට පැමිණ සිටි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කළ බව පොලීසිය පවසයි.

පාලම මතින් දුම්රිය ධාවනය වෙමින් තිබියදී දුම්ගියේ ගිය තරුණ පිරිසක් කෑගසමින් යෑම නිසා පාලමේ තිබු බඹර කුඩු වල සතුන් ඇවිස්සී පාලම අසල සිටි සංචාරකයින්ට දෂ්ඨ කර ඇත.

Exit mobile version