රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 270 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 270 යි.

යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරය තුළ න්‍යෂ්ටික අවධානමක් පවතින බව රුසියාවේ රාජ්‍ය පරමාණුක ඒජන්සියේ ප්‍රධානියා අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර මෙම ශීත ඍතුවේදී යුක්‍රේනයේ මිලියන ගණනක ජනතාවක් දැඩි අවධානමක සිටින බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා.

මේ අතර යුක්‍රේන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට කඩිනමින් මානුෂීය සෞඛ්‍යය කොරිඩෝවක් අවශ්‍ය බවයි ලෝක සෞඛ්‍යය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.

යුක්‍රේන රුසියා යුධ ගැටුම හේතුවෙන් මෝල්ඩෝවාව අස්ථාවර රටක් විය හැකි බව යුද විචාරකයින් අනතුරු අඟවනවා.

මෝල්ඩෝවාව පිහිටා ඇත්තේ යුක්‍රේනය සහ රුමේනියාව යන රටවල් දෙක අතරයි.

මෝල්ඩෝවාවවට ආධාර ලබාදීම සඳහා සාකච්ඡා කිරීමට රටවල් රැසක් සහ ආයතන 45ක් අද පැරීසියේදී රැස්වීමට නියමිතයි.

යුක්‍රේනයට තවත් යුධ ආධාර ලබා දීම වෙනුවට ආයුධ තොග නැවත එක් රැස්කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබෙනවා.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඇමෙරිකාව යුක්‍රේනයට ලබා දුන් යුධ ආධාර ප්‍රමාණය ඩොලර් බිලියන 17කට අධිකයි.

Read more

Local News