ජය සැමරීම වෙනුවෙන් සෞදි අරාබියාව අද නිවාඩු දිනයක්

Share

සෞදි ආරාබි කණ්ඩායම ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා අද (23) සෞදි අරාබියේ විශේෂ නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෞදි අරාබියේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම සියලුම සේවකයන්ට මෙන්ම, රට පුරා සිටින සියලුම සිසුන්ටද මෙම නිවාඩුව අදාළ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ගෝල 02-01 ක් ලෙස පරාජයට පත් කිරීමට සෞදි අරාබි කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.

Read more

Local News