P 627 නෞකාව විජයබාහු නමින් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

Share

සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජයගැනීම උදෙසා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ සහ වර්ධනය කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට පසුගියදා පී හයසිය විසි හත ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව ලබා දුන්නා.

එම නෞකාව නාවික නෞකා විජයබාහු නමින් අධිකාරියට පත් කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේදී සිදුව තිබෙනවා.

මෙහිදී විශේෂ නාවික හමුදා උත්තමාචාරයක් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබුවා. අභිනව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ලංකා දිසානායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුව තිබෙනවා.

ඉන් අනතුරුව විජයබාහු නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීමයි ජනාධිපතිවරයා අතින් සිදුවුණේ.

මෙම නෞකාව එය දිගින් මීටර් එකසිය පහලවක්. උපරිම වේගය පැයට නාවික සැතපුම් විසි නමයක්. නාවික තාක්ෂණ උපාංග හා පහසුකම් රැසකින් මෙම නෞකාව සමන්විත වීම විශේෂත්වයක්.

අමෙරිකා එක්සත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ මෙම නෞකාව පැවති සමයේදී මුහුදු කලාපයේ සිදු වූ නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය නීති විරෝධී සංක්‍රමණ කටයුතු මෙන්ම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සාර්ථක මෙහෙයුම් රැසක් සඳහා ද නෞකාව සුවිශේෂී දායකත්වයක් ලබා දී තිබෙනවා.

Read more

Local News