පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග 4ක් අද

Share

පාපන්දු ලෝක කුසලාන තරග කාලසටහනට අනුව අද (25) දිනයේදී A සහ B කාණ්ඩවලට අයත් කණ්ඩායම් තරග බිමට එක්වේ.

අද දිනයේ පළමු තරගය ලෙස, වේල්සය සහ ඉරානය කටාර්හි අල් රයාන් ක්‍රීඩාංගණයේදී තරගවදිනු ඇති.

මේ අතර අද දිනයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ, සත්කාරක කටාර් රාජ්‍ය සහ සෙනගාලය අතරයි.

නෙදර්ලන්තය සහ ඉක්වදෝරය අතර A කාණ්ඩයේ තරගය,කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

අද දිනයට නියමිත අවසන් තරගය ලෙස B කාණ්ඩයේ පෙරමුණේ පසුවන එංගලන්තය සහ එහි තුන්වැනි ස්ථානයේ පසුවන අමෙරිකාව තරගයට එක්වනු ඇත.

Read more

Local News