ඕමාන් මිනිස් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Share

රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතවර කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි හතළිස් හත් හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ. ඒ අනුව ඔහු ඊයේ දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඔහු එළඹෙන පළවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්රව රයා නියෝග කර සිටියේ. මේ වන විට මෙම ජාවාරමට අදාළ විමර්ශන තැනැත්තන් වෙළඳාම, ජාවාරම්, විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරනු ලබනවා.

ඊට අදාළව පුද්ගලයින් තිදෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කළේ. මේ අතර මෙම සිදුවීමට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන සැකකරු ද ඊයේ දින යළිත් මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කළේ. ඒ අනුව ඔහු දෙසැම්බර් අට වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

Read more

Local News