ඉතාලියේ නායයෑමක්

Share

ඉතාලියේ නේප්ල්ස් නගරයට ආසන්න කලාපයක සිදුවූ නායයාමකින් පුද්ගලයින් රැසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේනමුත් සිදුවූ මරණ ගණන මෙතෙක් තහවුරු කර නැහැ.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයාම හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර මෝටර් රථ රැසක්ද විනාශ වී ඇති බව වාර්තා වන්නේ.

ස්වභාවික විපතින් මියගිය පිරිසකගේ සිරුරු මේ වනවිට හමුව තිබෙනවා.

එමෙන්ම අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

Read more

Local News