රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 276 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 276 යි.

රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ විදුලි බල පද්ධතියෙන් අඩකට වැඩි ප්‍රමාණයක් අඩපන වී අවසන්.

මේ හේතුවෙන් යුක්‍රේනයේ බොහෝ ප්‍රදේශවලට විදුලිය ඇනහිට ඇති අතර විදුලිය කප්පාදු කරන බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසන්නේ අඩපන වී ඇති විදුලිබල සැපයුම නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දරන බවයි.

මේ වන විටත් විදුලි සැපයුම යම්තාක් දුරකට ලබා දීමට හැකි වී ඇති බවද ඔහු පවසනවා.

කෙසේ වෙතත් විදුලි පරිභෝජනය වැඩි වුවහොත් විදුලි ඇනහිටින ප්‍රමාණය වැඩි විය හැකි බවද පවසා තිබෙනවා.

කියෙව් ඇතුළු කලාප 14 කට ජිවත් වෙන ලක්ෂයකට වැඩි පිරිසකට විදුලි සපැයුම සීමා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුක්‍රේන විදුලි සම්ප්‍රේෂණ ක්‍රියාකරු ukrenergo සඳහන් කරන්නේ මේ වන විට සියයට 20ක පමණ ප්‍රමාණයක් විදුලිය නැතිව පීඩා විදින බවයි.

බෙලරුසියානු විදේශ අමාත්‍ය ව්ලැදිමීර් මාකි හදිසියේ මියගොස් තිබෙනවා.

මොහු මියයන විට 64 වියෙහි පසුවුණා.

2012 වසරේ සිට මේ දක්වා කාලය තුල විදේශ අමාත්‍ය ධූරය දැරූ ව්ලැදිමීර් මාකි ඔහුගේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්ලෝව් හමුවීමටයි නියමිතව තිබුණේ.

Read more

Local News