රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 277 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 277 යි.

යුරෝපීය රටවල් යුද්ධයේ අමිහිරි ප්‍රතිවිපාකයන් භුක්ති විදිමින් සිටියදී මෙම යුද්ධයෙන් අමෙරිකාවේ අසීමිත ලාබයක් ලබන බව යුරෝපීය සංගමය චෝදනා එල්ල කරනවා.

ආයුධ සහ ගෑස් අලෙවි කිරීමෙන් අමෙරිකාව මෙලෙස අසීමිත ලාබ ලබන බවයි චෝදනා එල්ල වන්නේ.

යුරෝපා සංගමය පවසන්නේ මේ යුධ ගැටුම සෘජුවම බලපාන්නේ යුරෝපීය රටවලට බවයි.

අමෙරිකාවට කිසිදු විටෙකත් යුද්ධයේ ප්‍රතිවිපාක බලපාන්නේ නැති බවයි යුරෝපා සංගමය පවසන්නේ.

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසන්නේ, අමෙරිකාව කිසිදු අවස්ථාවක යුරෝපා සංගමය වෙත තම මිත්‍රශීලි බව පෙන්නුම් කලයුතු බවයි මැක්‍රෝන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

යුක්‍රේනයට අධික ශිත සෘතුව එළඹෙන සතියේ ආරම්භ වීමට නියමිතයි.

තවමත් යුක්‍රේන බලශක්ති සැපයුම අඩපනවයි ඇත්තේ.

යුක්‍රේනයට එරෙහි යුධ අවියක් ලෙස ශිත සෘතුව යොදා ගැනීමට පුටින් උත්සහ දරන බව නේටෝ මහලේකම් පවසනවා.

පසුගිය ඔක්තොම්බේ 10 වනදා රුසියාව යුක්‍රේනයේ කියෙව් ඇතුළු ප්‍රදේශ රැසකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.

එවැනි බිහිසුණු ප්‍රහාරයකට රුසියාව නැවතත් සූදානමින් සිටින බව සෙලෙන්ස්කි අනතුරු අඟවනවා.

රුසියාවෙන් එල්ල විය හැකි මෙම බිහිසුණු ප්‍රහාරයට මුළු රටම සුදානම් විය යුතු බව සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

Read more

Local News