රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 278 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 9 වෙනි මාසයයි. එනම් දින 278 යි.

යුක්‍රේන ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කා ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතුවා.

යුක්‍රේනයට අවශ්‍ය ජයග්‍රහණය නොවන බවත් යුක්‍රේනයට අවශ්‍ය වන්නේ යුක්තිය ඉටුවීම පමණක් බවත් ඇය එහිදී ප්‍රකාශ කළා.

එසේම රුසියානු හමුදා අතින් දූෂණය වූ කාන්තාවන් හා ළමුන් පිළිබඳව ඇය සංවේගයෙන් පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළා.

මේ අතර අමෙරිකාව යුක්‍රේනයට බලශක්ති උපකරණ ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ එළඹෙන ශිත සෘතුවේදී යුක්‍රේන වැසියන්ට සිදුවන අපහසුතා අවම කර ගනිමටයි.

මේ අතර යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කළා.

ඒ රුසියාව නව මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර රැල්ලක් එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟයි.

පැය දෙකකට වඩා අඩු කාලයක් තුල රුසියාව යුක්‍රේනයට ෂෙල් ප්‍රහාර 30ක් එල්ල කර තිබුණා.

Read more

Local News