කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහ‍ලේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව වූ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී. රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි දැනට මතුව ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. මානව සම්පත් හිඟය සහ මුල්‍ය දුෂ්කරතා පිළිබඳව ද නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කළා.

පවතින සම්පත් ඵලදායිව යොදා ගනිමින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මතුව ඇති ගැටළු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කළා.

Exit mobile version