යුක්‍රේනයට නැවතත් මිසයිල වරුසාවක්

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 284 යි.

කර්ච් පාලම යනු රුසියාව සහ ක්‍රිමියාව යා කරන පාලමයි.

පුටින්ගේ 70 වන උපන්දිනයට පසුදා එහි පිපිරීමක් සිදු වුණා.

බොහෝ දෙනෙකු පැවසුවේ එය පුටින්ගේ උපන්දින තෑග්ගක් බවයි.

කෙසේ නමුත් ප්‍රහාරයට ලක්වූ කර්ච් පාලම නැරඹීම සඳහා ජනාධිපති පුටින් ඊයේ ගොස් තිබෙනවා.

එසේම යුක්‍රේනය පුරා ඊයේ සයිරන් හඩ නාදකර ඇති බවයි වාර්තා වන්නේ.

සයිරන් හඬ නාදවී මඳ වේලාවකින් පසු රුසියාවෙන් මිසයිල ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News