කුප්පි ලාම්පුවක් ඇගට පෙරළී ගිනි ඇවිළිමෙන් කාන්තාවක් මිය යයි

කුප්පි ලාම්පුව ඇගට පෙරළීමෙන් ඇඳුම්වලට ගිනි ඇවිළි යාපනයේ ආනේකෝට්ටේ ප්‍රදේශයේ අවුරුදු 76 ක කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.

මියගිය කාන්තාව අලුයම ආහාර පිසිමින් සිටියදී ළිපේ තබන ලද ව්‍යංජනයක් බැලීමට රාක්කයක තිබූ කුප්පි ලාම්පුව ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී ඇයගේ ඇගට කුප්පි ලාම්පුව පෙරළීමෙන් ලාම්පුවේ තිබූ භූමිතෙල් සිරුරට වැටීම නිසා සිරුරට ගිනි ඇවිලී තිබේ.

Exit mobile version