වසර විසි හතරක කාලයක් තිස්සේ සිය දියණිය සොයමින් සිටි චීන ජාතික පියෙකුට ඇය හමුවීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙයි.
තම දියණිය ‘කයිෆිංග්’ ඇයට වසර තුනක්ව තිබියදී අතුරුදහන් වී අැත.
එම දියණිය අන්තර්ජාල පුවතක් දැකීමෙන් මේ වසරේ මුල් භාගයේදී සිය පියා සමග දුරකතනයෙන් සම්බන්ධවී ඇත.
විශ්වාස කිරීමට පවා අපහසු මෙම පුවත චීනය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි.
ඊයේ (03) සිදුවූ එම පියා සහ දියණියගේ හමුවීම බොහෝ දෙනකු විසින් සමරනු ලැබ ඇත්තේ උත්සවාකාරයෙනි.