ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව පත්වීම් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදුවිය.
ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
සංකේතාත්මකව පත්වීම් ලිපි පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.
මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, රටේ සංවර්ධනය සහ ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අපේක්ෂා කරන අරමුණු ඉටු කර ගැනීම සඳහා නව නිලධාරින් කැපවනු ඇති බවයි.
Exit mobile version