බ්‍රසීලයේ හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනාධිපති මන්දිරය වටලයි

Share

බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් එක්ව එරට විරෝධතා රැල්ලක් ආරම්භ කර තිබෙනවා.

ඒ පසුගිය වසරේ එරට පැවති ජනාධිපතිවරණයෙන් ඔහු පරාජය වීමත් සමඟ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් හේතුකොටගෙනයි.

විරෝධතාකරුවන් එරට ජනාධිපති මන්දිරයට, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩාවැදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ බවයි වාර්තා වන්නේ.

මේ වන විට විරෝධතා රැල්ලද පාලනය කර ඇති බව වාර්තා වනවා.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News