යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 320 යි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 320 යි.

අධිතාක්ෂණික ආයුධ සන්නද්ධ යුධ නෞකා දෙකක් ඉන්දියන් හා අත්ලාන්තික් සාගර කලාපවලට යැවීමට පුටින් පසුගියදා නියෝග කළා.

ඒ රුසියාවේ බලය ලොවට පෙන්වීමක් ලෙසයි.

ඉන් එක් නෞකාවක් නෝර්වේ රාජ්‍යයේ මුහුදු සීමාවේ යුධ අභ්‍යාසයක නිරවී තිබුණා.

මේ අතර යුරෝපා සංගමය, බෙලරුසියාවට සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ යුද්ධය පවත්වාගෙන යාමට රුසියාවට සහය ඵල කිරීම හේතුවෙනුයි.

බටහිරින්, යුක්‍රේනයට ලැබෙන යුධ ආධාරත්, රුසියාව ලොකයේ හුදකලා කිරීමට බටහිර රටවල් ගන්නා උත්සාහයත් නිසා දෙරට අතර ඇති යුධ ගැටුම කුමන ආකාරයකින් නිමවේදැයි නිශ්චිත නැහැ.

Read more

Local News