යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 321 යි

Share

යුක්‍රේන – රුසියා යුධ ගැටුමට අදට දින 321 යි.

යුක්‍රේනයට යුධ ටැංකි ලබා දෙන ලෙසට ලෝක නායකයින් කළ ඉල්ලීම නොදන්නා බව ජර්මනිය පවසනවා.

එසේම යුක්‍රේනයට යුධ ටැංකි ලබා දීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි එක්සත් රාජධානිය පවසන්නේ.

නමුත් පෝලන්තය, යුක්‍රේනයට යුධ ටැංකි 14 ක් ලබා දීමට සූදානම් බව පෝලන්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ යුක්‍රේනයේ ලිව්ව් හිදී සෙලෙන්ස්කිව හමු වූ අවස්ථාවේදියි.

නමුත් එම යුධ ටැංකි ජර්මනියේ නිෂ්පාදිත බැවින් ප්‍රතිඅපනයනය සඳහා ජර්මනියේ අනුමැතිය අවශ්‍ය බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්‍රේනයේ සොලෙඩාර් ප්‍රදේශය සම්පුර්ණයෙන්ම යටත් කර ගත් බව රුසියානු පුද්ගලික මිලිටරි කණ්ඩායමක්වන වෑන්ගර් පවසනවා.

නමුත් සෙලෙන්ස්කි පැවසුවේ එය අසත්‍යක්වන අතර සොලෙඩාර් තුළ අඛණ්ඩව සටන් පවතින බවයි.

Read more

Local News