මේවන විට යුද්ධය තුළ දරුණු සටන් පවතින්නේ, යුක්‍රේනයේ සොලෙඩාල් සහ බක්මුට් ප්‍රදේශ තුළයි.
පසුගිය පැය 24 තුළ යුක්‍රේන ප්‍රහාර හමුවේ සොලෙඩාල් හී රුසියානු භටයින් 100 කට වැඩි පිරිසක් මියගිය බව යුක්‍රේනය පවසනවා.
එසේම සොලෙඩාල් ප්‍රදේශය තුළ තවමත් සිවිල් වැසියන් 523 දෙනෙකු ජිවත්වන බවයි යුක්‍රේනය පවසන්නේ.
මේ අතර යුක්‍රේන හමුදා බෙලරුස් දේශසීමා ආසන්නයේ යුධ අභ්‍යාසයක නිරත වී තිබෙනවා.
ඒ ජනාධිපති සෙලෙන්ස්කි බෙලරුස් දේශසීමා ආසන්නයේ යුධ ශක්තිය වැඩි කිරීමට නියෝග කිරීමෙන් පසුවයි.
එසේම රුසියාව, යුක්‍රේනයේ සපොර්ශියාව වෙත මිසයිල ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.
මේ අතර විශ්ව රූ රැජින කිරුළ වෙනුවෙන් තරග වදින වික්ටෝරිය අපනාසෙන්කෝගේ දර්ශණ සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.