පලිබෝධකයන් වශයෙන් රිලවුන් හා වල් ඌරන් නම් කෙරේ

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කෘෂිකාර්මික වගාවන්ට හානි කෙරෙන රිලවුන් හා වල් ඌරන් පලිබෝධකයන් වශයෙන් නම් කිරීම පසුගියදා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී සිදු වී ඇත.

මෙම සතුන් පාලනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක  වැඩසටහන් පහසු කිරීම සඳහා මෙම සතුන් පලිබෝධකයන් වශයෙන් නම් කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවති දිස්ත්‍රික් කෘෂිකමිටුවේ දීය.

දිස්ත්‍රික්කය තුළ රිලා ගහණය  7,7000 ප්‍රමාණයක් වෙසෙන බවට හඳුනාගෙන ඇති අතර රිලවුන්ගෙන් හා වල් ඌරන්ගෙන්  වගාවන්ට දැඩි හානි පැමිණෙන බව ද ගොවි සංවිධාන එහිදී පෙන්වා දී ඇත.

Previous articleමධ්‍යම පළාතේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි
Next articleඑංගලන්තයේ ජනප්‍රියම ළමා නමේ වෙනසක්