ගුවන්යානා අනතුර හේතුවෙන් අද නේපාලයේ ශෝක දිනයක් January 16, 2023 නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.