රුසියාවෙන් මිසයිල ප්‍රහාර

යුක්‍රේන – රුසියා යුධ ගැටුමට අදට දින 325 යි.

රුසියාව, යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකටම ඊයේ මිසයිල ප්‍රහාර එල්ල කළා.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වූයේ යුක්‍රේනයේ ඩින්ප්‍රෝ ප්‍රදේශයටයි.

ඩින්ප්‍රෝ හි මහල් නිවාස සංකීර්ණයකටයි මෙලෙස මිසයිල ප්‍රහාර එල්ල වුයේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 29 දෙනෙකු මියගියා.

තවත් 73 කට අධික පිරිසක් තුවාල ලැබූ බව ද වාර්තා වනවා.

මේ අතර යුක්‍රේනයට මායිම්ව පිහිටි රුසියාවේ බෙල්ගොරොද් නගරයේ පිපිරිමක් සිදුව තිබෙනවා.

ඒ පතොරොම් ගබඩාවක සිදු වූ පිපිරීමක් හේතුවෙනුයි.

මේ අතර රුසියානු රාජ්‍ය ආරක්ෂක කමිටුවේ ප්‍රධානියා එරට හමුදා නිළධාරින් බඳවා ගැනීමේ වයස් සීමාව දිර්ඝ කර තිබෙනවා.

Previous articleසුමාත්‍රා දූපත් අසල භූ කම්පනයක්
Next articleමැතිවරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව ඉදිරියට යන බව පවසන මංජුල ගජනායක