මහනුවරත් අභිරහස් ඝාතනයක්

Share

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් සැකකටයුතු මළ සිරුරක් හමුවී තිබෙනවා.

මෙම මළ සිරුර එම පාසලේ ක්‍රීඩාංගනය භාරව කටයුතු කළ ආරක්ෂක නිලධාරියාගේ බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වූයේ.

මෙම පුද්ගලයාව කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇත්දැයි මේ වන විට පොලිසිය සැක පළ කරනවා.

ඔහුගේ සිරුර වෙලුම් පටි කිහිපයකින්ද ඔතා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කුමාර සම්පත් නමැති විසි නම හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

Read more

Local News