2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භවීමට නියමිත අතර ඊට දින 05කට පෙර උපකාරක පංති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේය.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.



