නාම යෝජනා භාර ගැනීම අදත් – ඇප තැන්පත් කිරීම හෙටින් අවසන්

Share

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඊයේ සිට ආරම්භ කෙරුණා. නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය වන්නේ ලබන විසි එක් වනදායි.

ඇප මුදල් භාර ගැනීමත් මේ දිනවල සිදු කෙරෙන අතර, එය හෙට මාධ්‍යන දොළහෙන් අවසන් වනවා. මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන විසිතුන් වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

තැපෑලේදී ඇතිවිය හැකි ප්‍රමාද වීම් සහ මෙම කාලය අතරතුර සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දිනයේදී තිබීම මත නියමිත දිනට පෙර අයදුම්පත් නොලැබිය හැකි බැවින් 20, 21, 22, සහ 23 යන සිව් දිනයන් තුළදී සහතික කරන ලද තැපැල් ඡන්ද අයදුම්පත් කාර්යාලයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ගෙනැවිත් භාරදෙන ලෙසයි තැපැල් සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ.

මැතිවරණ කාලසීමාව තුළදී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් පක්ෂ කණ්ඩායම් අපේක්ෂකයින් ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතුවන පරිදි හෝ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එම පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාවේ දෙවන මහලේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධස්ථානය වෙත ඉදිරි කළ හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

Read more

Local News