සෙලෙන්ස්කි ලෝක ආර්ථික සංසදය අමතයි

Share

යුක්‍රේන රුසියා යුධ ගැටුමට අදට දින 328 යි.

යුක්‍රේනයේ කියෙව්හි බ්‍රෝවරි නගරය ආසන්නයේ ඊයේ හෙලිකොප්ටර් අනතුරක් සිදුවුණා.

ඉන් 14 දෙනෙකු මියගොස් ඇති අතර 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය අය අතර යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාද වනවා.

මිය යන විට ඔහු 42 වන වියේ පසුවුණා.

මේ වන විට යුක්‍රේනයේ නව වැඩ බලන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පත් කර තිබෙනවා.

එම ධූරය හිමිවී ඇත්තේ යුක්‍රේනයේ ජාතික පොලිස් ප්‍රධානියායි.

මේ අතර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ලෝක ආර්ථික සංසදය අමතා තිබෙනවා.

ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

Read more

Local News