නවසීලන්ත අගමැතිනිය සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරයි

Share

නවසීලන්ත අගමැති ජසින්ඩා අර්ඩන් පෙබරවාරි 7 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

අභියෝග සහිතව වසර 7ක් සිය ධූරයේ කටයුතු කළ බව ඇය මාධ්‍යට ප්‍රකාශ කර තිබුණා.

42 හැවරිදි ජසින්ඩා අර්ඩන් අගමැතිනිය ඉදිරියේදී පැවැත්වීමට නියමිත නවසීලන්ත මහා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැති බවද ප්‍රකාශ කළා.

එසේම ඇය එරට කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද ඉවත් වීමට නියමිතයි.

2017 වර්ෂයේදී ඇය නවසීලන්තයේ 40 වැනි අගමැතිනිය ලෙස තේරී පත්වූවා.

ලොව ලාබාලතම රාජ්‍ය නායිකාව බවට ඇය පත්වුණේ වයස අවුරුදු 37 දියි.

2020 වර්ෂයේදී නවසීලන්තය තුළ කොවිඩ් පාලනයට ඇය ගත් පියවරද ලෝකයේ බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වීම විශේෂත්වයක්.

රාජ්‍ය නායිකාවක් ලෙස කටයුතු කරමින් සිටියදී දරු උපතක් සිදුකළ ලොව දෙවන රාජ්‍ය නායිකාව වශයෙන්ද ඇය ඉතිහාසයට එක වුණා.

Read more

Local News