ලොව වයස්ගතම කන්‍යා සොයුරිය මිය යයි

Share

ලොව වයස්ගතම කන්‍යා සොයුරිය වන ලුවිස් රැන්ඩන් මියගොස් තිබෙනවා.

ඇන්ඩ්රේ සොයුරිය ලෙස හැදින්වූ ඇය මියයන විට වයස අවුරුදු 118ක්.

2021 දී කොවිඩ් වෛරසය වැළඳීමෙන් සුවය ලැබූ වයස්ගතම පුද්ගලයා ලෙසද ඇය වාර්තා අතරට එක වූ බව විදෙස් මාධ්‍යයේ සඳහන්.

1904 පෙබරවාරි 11 වනදා ප්‍රංශයේදී උපත ලැබූ ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය ලෝක යුද්ධ 2කම අත්දැකීම් ඇති තැනැත්තියක්.

සිය ජිවිතයෙන් වැඩි කොටසක් කතෝලික ආගම වෙනුවෙන් කැප කල ඇය ප්‍රංශයේ ටුලෝන් හි පිහිටි සත්තු නිවසේදී මිය ගිය බව විදෙස් මධ්‍යයේ සඳහන්.

Read more

Local News