නව පාසල් වාරය ආරම්භ වන විට ගුරුවරු 34,000කට පත්වීම් – අධ්‍යාපන ඇමති

Share

එළඹෙන මාර්තු මාසයේ නව පාසල්වාරය ආරම්භ වන විට ගුරුවරු 34,000කට පමණ පත්වීම් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද(19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය සේවයේ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අදාළ ගැසට් නිවේදනය එළඹෙන සතියේදී නිකුත් කෙරේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ලිඛිත විභාගයකට අනුව මේ සඳහා සුදුසුකම් සපුරන උපාධිධාරි ගුරු සේවයට තෝරා ගනු ලැබේ.

විද්‍යාව ගණිතය සහ තාක්ෂණ විෂයන් සඳහා විශේෂ ගුරු ඌනතාවක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා අනෙකුත් පළාත්වල සේවය කිරීමට කැමති ගුරුවරු වසර 05ක් සඳහා එවැනි පළාත් වලට අනුයුක්ත කරන බවද පැවසීය. රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26000 ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 8000 ක් ද වශයෙන් මෙම පිරිස බඳවා ගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News