හිටපු අගමැති බොරිස් යුක්‍රේනයට

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 332යි.

මෙම යුධ ගැටුම ආරම්භ වූ පසු යුක්‍රේනයට ගිය ප්‍රථම රාජ්‍ය නායකයා වුණේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සනුයි.

ඒ වගේම යුක්‍රේන ජනතාව අතර බොරිස් ජොන්සන්ට ඇත්තේ ඉහළ පිලිගැනීමක්.

ඊයේ දින බොරිස් නැවත කියෙව් වෙත පැමිණ තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි බොරිස්ව උණුසුම් ලෙස පිලිගත් බවයි වාර්තා වන්නේ.

රුසියානු ජනපති පුටින් පරාජයට පත් වන්නේ නම් එය යුක්‍රේනය පමණක් නොව මුළු ලෝකයමට හොඳ කාලයක් වනු ඇති බව බොරිස් මෙහිදී පවසා තිබෙනවා.

මෙම ප්‍රකාශය පිළිබඳ මේ වනවිට ලොව පුරා කාගේත් දැඩිකතා බහට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජපාන අගමැති එළබෙන පෙබරවාරි මාසයේදී යුක්‍රේනයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News