නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස්

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා.

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී තාරුණ්‍යට හෙටක් සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ පනහක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මෙම තීන්දුව ලබා දුන්නා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප් රකාශයට පත් කළේ.

තීන්දුව ප් රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කළ සාක්ෂි ප් රමාණවත් නැති බවයි. ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් වුණා. නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු නියෝජ් ය අධ් යක්ෂ ජෙනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ් යට හෙටක් සංවිධානයේ රොනී ඊබ් රහිම්. නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.

Read more

Local News