රුසියාවෙන් රොකට් ප්‍රහාර 55ක් පුද්ගලයින් 11 මරුට

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 336 යි.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය හා පෝලන්තයට අමතරව කැනඩාවද යුක්‍රේනයට යුධ ටැංකි ලබා දෙන බවට ඊයේ ප්‍රකාශ කලා. ඒ අනුව කැනඩාව යුක්‍රේනයට ලෙපර්ඩ් 2 යුධ ටැංකි 4ක් ලබාදෙන බවයි වාර්තා වන්නේ.

එසේම පෝලන්තය ඉදිරි සති කිහිපය තුළ යුක්‍රේනයට යුධ ටැංකි බෙදාහරින බව ප්‍රකාශ කළා.

නමුත් ජර්මනිය සහ බ්‍රිතාන්‍ය මාර්තු අගවන විට යුක්‍රේනයට යුධ ටැංකි ලබාදෙන බව ප්‍රකාශ කලා.

එසේම යුක්‍රේනයට ගුවන් ආරක්ෂන පද්ධතියක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රංශය සහ ඉතාලිය අතර සාකච්ඡා අවසන් වෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ අතර යුක්‍රේනය පුරා රුසියාව ඊයේ එල්ල කල ප්‍රහාරවලින් 11 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ.යුක්‍රේන හදිසි සේවා දෙපාර්තමේන්තුවට අනුව රුසියාව ඊයේ රොකට් ප්‍රහාර 55ක් එල්ල කර ඇති අතර ඉන් 47ක් යුක්‍රේනය විනාශ කර තිබෙනවා.