ඊයේ (29) උදෑසන පැය 6කට ආසන්න කාලයක් කොළඹ අවට සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකින් පුද්ගලයින් 285 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ, මෑත ඉතිහාසයේ සිදුකළ සුවිශේෂිම මෙහෙයුම මෙය බවයි.
සති කිහිපයකට පෙර සිදුකළ සැලසුමකට අනුව එම මෙහෙයුම දියත් කර ඇති අතර, ඒ සඳහා ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ශ්‍රී ලංකා යුද හමුදාව ද එක්ව තිබුණි.



