රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 339 වන දිනයයි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර මේ ගෙවෙන්නේ 339 වන දිනයයි.

රුසියාව එල්ල කරන ලද ප්‍රහාරවලින් යුක්‍රේනයේ ඇති බොහෝ ප්‍රදේශ විනාශ වී අවසන්.

ඒ වගේම විශාල මිනිස් ජිවිත සංඛ්‍යාවක් අහිමි වී තිබෙනවා.

මෑත කාලයේ සිදුවූ මාරාන්තික ප්‍රහාර හේතුවෙන් මෙලෙස යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ATACMES හෙවත් දිගු දුර මිසයිල ලබා ගැනීම තීරණය කර තිබෙනවා.

ATACMES දිගු දුර මිසයිල නිෂ්පාදනය කර ඇත්තේ එක්සත් ජනපද ආරක්ෂක සමාගමක් මගිනුයි.

ATACMES ඇතුළු අනෙකුත් යුධ උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරන බවයි සෙලෙන්ස්කි සිය රාත්‍රී සවස දේශනයේදී ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර රුසියානු ප්‍රහාරවලට එරෙහිව යුක්‍රේනයේ ඇති පැරණි යුධ ටැංකිද භාවිත කරන බව වාර්තා වනවා.

Read more

Local News