රුසියාව සමඟ බෙලරුසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක

Share

යුක්‍රේනයට ලෙපර්ඩ් 02 වර්ගයේ යුද ටැංකි 120 ත් 140 ත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී ලැබීමට නියමිත බව යුක්‍රේන විදේශ ඇමති දිමිත්‍රි කුලේබා පවසනවා.

මෙලෙස යුක්‍රේනයට ලැබෙන යුධ ටැංකි භාවිතා කිරීමට එරට හමුදා භටයින්ව පුහුණු කිරීමට පෝලන්තය සූදානම් බව වාර්තා වනවා.

ඒ සඳහා ප්‍රංශ බලධාරීන්ගේ සහයෝගයද හිමි වන බව විදෙස් මාධ්‍යයේ සඳහන්.

අදාළ පුහුණු කිරීම් දින 50කින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි පෝලන්තය පවසන්නේ.

මේ අතර රුසියාව සමඟ බෙලරුසියාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක නිරතවිමට නියමිත බවද තොරතුරු වාර්තා වනවා.

බෙලරුසියානු ජනාධිපති පවසන්නේ මෙම යුද්ධයේදී තමන් රුසියාවට වැඩි සහයෝගයක් ලබාදීමව කැමති බවයි.

Read more

Local News