පසුගිය දිනක නැගෙනහිර පාකිස්තානයේ පේෂාවර් නගරයේ ජලාශයක් නැරඹීමට ගිය පාසල් ළමුන් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වුණා.
බෝට්ටුව පෙරලීමෙන් මේ වන විට 51 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියගිය පිරිසෙන් 49 දෙනෙකුම ළමුන් වන අතර ඉතිරි දෙදෙනා බෝට්ටුව පඳවූ පුද්ගලයා සහ ගුරුවරයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.




