රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවී යන්නේ 347 වන දිනය යි.
වැග්නර් කුලී හමුදාවේ භටයින් පනස් දහසක් පමණ දැනට යුක්‍රේනයට එරෙහිව යුක්‍රේන භූමිය තුළ සටන් කරනවා.
මේ වැග්නර් කුලී හමුදාවේ නායකයා ඊයේ දින සෙලෙන්ස්කිට අභියෝගයක් සිදු කළා.
ඒ මුහුණට මුහුණ සටනකට එන ලෙසයි.
ප්‍රහාරක ගුවන්යානා දෙකක නියමු කුටියේ සිට මෙම ද්වන්ධ සටනට එන ලෙසයි වැග්නර් නායකයා සෙලෙන්ස්කිට අභියෝග කර ඇත්තේ.
මේ අතර රුසියාව සහ ඉරානය එක්ව ඩ්‍රෝන කර්මාන්තශාලාවක් ඉදිකිරීමට එකඟ වී තිබෙනවා.
ඒ අනුව මෙම ඩ්‍රෝන කර්මාන්තශාලාව රුසියාවේදී ඉදිකිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ දින තුර්කියේ සිදු වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සලසන බව රුසියාව සහ යුක්‍රේනය යන රටවල් දෙකම තුර්කි ජනපතිට පවසා තිබෙනවා.