තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් එක් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය ගිය බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
පසුගියදා තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 33,000 ක් පමණ මියගොස් තිබූ අතර එක් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදහන්වී ඇති බවට තොරතුරු වාර්තාවී තිබුණා.
ශ්‍රී ලාංකික කාන්තාව ජීවත් වූ කඩා වැටුණු ගොඩනැගිල්ලක සහන කණ්ඩායම් විසින් සිදුකළ සෝදිසියකදී සුන්බුන් අතරින් ඇය සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.