සුළි කුණාටුවක් හේතුවෙන් නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වැඩිදුරටත් වාර්තා වන්නේ ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට හදිසි කළමණාකරණ අමාත්‍යංශය විසින් මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇති බවයි.
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් නිවාස 38,000කට පමණ මේ වනවිට විදුලිය විසන්ධි වීම් සිදුව තිබේ.