ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමාගේ 155 වැනි ජන්ම දින සැමරුම සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය, කොළඹ 07 බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පසුගිය (13) දා පැවැත්විණ.
බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම සභාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමාගේ 155 වන ජන්මෝත්සවය නිමිත්තෙන් පැවති මෙම වැඩසටහනේ මූලාසනය හොබවනු ලැබුවේ ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.
බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන්ම දින සැමරුමේ දී ශ්‍රීමත් ඩී.බී ජයතිලක මැතිතුමා වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකරනු ලැබිණි.