දේශබන්දුට එරෙහි පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Share

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.

Read more

Local News