යුක්රේන – රුසියා යුධ ගැටුමට අදට දින 357 යි.
ඕනෑම සාම ගිවිසුමක කොටසක් ලෙස රුසියාවට යුක්රේනයේ කිසිදු භූමියක් ලබා දෙන්නේ නැති බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා.
රුසියාවට වැටහෙන එකම භාෂාව ආයුධ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර එක්සත් රාජධානියේ විපක්ෂ නායක කීර් ස්ටාමර් යුක්රේනයේ සංචාරයක නිරත වී තිබෙනවා.
යුද්ධය ආරම්භයෙන් පසු ඔහු යුක්රේනයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව එයයි.
මේ අතර යුක්රේනය, යුධ සිරකරුවන් 101 දෙනෙකු නැවත යුක්රේනයට පැමිණ තිබෙනවා.
ඊට භටයින් 100 දෙනෙකු සහ එක් සිවිල් වැසියෙකු ඇතුළත් බවයි වාර්තා වන්නේ.
අප්‍රේල් මාසයවන විට බක්මුට් නගරය යටත් කර ගන්නා බව රුසියානු පෞද්ගලික කුලී හේවා කණ්ඩායමක්වන වෑන්ගර් හී ප්‍රධානියා පවසා තිබෙනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ සම්මුඛ සාකච්ඡාවකදීයි.
මේ අතර බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්, පෝලන්ත ජනාධිපතිවරයාව හමුවී තිබෙනවා.