හරිත අන්තවාදයක් තිබෙනවා.පරිසර වාදය හරිත අන්තවාදයකට ගොස් තිබෙනවා. මිනිසා සහ සතා අමතක කර තිබෙනවා. ගැමි ගොවියා ගම්මාන අතහැර දමා යන තැනට පත්වෙලා. මේ සම්බන්ධයෙන් විශාල සමාජ කථිකාවක් අවශ්‍ය වී ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත කල්තබන ලද විවාදයට අද (21) පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් මෙසේ පැවසී ය.