යුක්‍රේන – රුසියා යුධ ගැටුමට අදට දින 368 යි.
සෞදි විදේශ ඇමති, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිව හමුවී තිබෙනවා. ඒ කියෙව්හි දී යි.
මේ අතර යුක්‍රේන – රුසියා යුධ ගැටුමට වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් වොෂින්ටනයේදී පෙළපාලියක් පවත්වා තිබෙනවා.
එසේම යුද්ධය අවසන් කිරිම සඳහා චීනය ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ජර්මානු ආරක්ෂක අමාත්‍යවරයා අදහස් දක්වා තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ චීනය යුද්ධය විනිශ්චය කළ යුත්තේ වචනයෙන් නොව ක්‍රියාවෙන් බවයි.
මේ අතර බටහිර රටවල අවශ්‍යතාවය වී ඇත්තේ උපායමාර්ගිකව රුසියාව විනාශ කිරීම බව පුටින් පවසනවා.
ඒ රූපවාහිනී වැඩසටහනකදීයි.
එසේම රුසියාව ඈදාගත් ක්‍රිමියාව නැවතත් යුක්රේන පාලනයට ගන්නා බවයි සෙලෙන්ස්කි පවසා ඇත්තේ.