රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවී යන්නේ 376 වන දිනයයි.
මේ වන විට යුක්‍රේනයේ බක්මූට් නගරයේ දරුණු ගැටුම් පවතිනවා.
යුක්‍රේන හමුදාව පවසන්නේ බක්මූට් සටන කොතරම් වෙහෙසකර වුණත් බක්මූට් නගරය කිසිසේත අතහරින්නේ නැති බවයි.
මේ වනවිට රුසියානු හමුදාව සතු ආයුධ අවසන් වෙමින් පවතින බවද වාර්තා පල වනවා.
ඒ බව ඊයේ දින වැග්නර් කුලී හමුදාවේ නායකයාද තහවුරු කළා.
යුක්‍රේනයෙන් රුසියානු හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත්ව යන තුරු රුසියාව සමඟ කිසිදු සාම සාකච්ඡාවකට පැමිණෙන්නේ නැති බව ජර්මානු චාන්ස්ලර් ඔලාෆ් ෂෝල්ස ඊයේ දින ප්‍රකාශ කළා.
මෙම යුද්ධය කොතරම් කාලයක් පැවතුණත් බටහිර රටවල් අඛණ්ඩව යුක්‍රේනයට සහය ලබා දෙන බවයි ජර්මානු චාන්ස්ලර් වැඩිඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.